පෞද්ගලිකත්ව ප්‍රතිපත්තිය
යාවත්කාලීන: 2026 ජූලි
පෞද්ගලිකත්වය අපේ මූලික වටිනාකමයි. ඔබේ දත්ත අපි එකතු කරන්නේ, පාවිච්චි කරන්නේ සහ රැකගන්නේ කොහොමද කියලා පැහැදිලිව මෙන්න.
අපි එකතු කරන දේ සහ ඇයි
නම, උපන් දිනය සහ වේලාව (පොරොන්දම් සඳහා), ස්ථානය, ඡායාරූප, WhatsApp අංකය — ගැළපෙන අය සොයන්න සහ ඔබව verify කරන්න පමණයි. Waitlist එකට email + (කැමති නම්) WhatsApp විතරයි.
ඡායාරූප රහස්‍යතාව
Public එකේ පේන්නේ blur කරපු ඡායාරූප විතරයි. මුල් (clear) ඡායාරූප private තැනක ආරක්ෂිතව තියෙනවා. ඔබ approve කරපු කෙනෙක්ට විතරයි clear ඡායාරූපය පේන්නේ. මේක ඇත්තටම server එකේ blur කිරීමක් — රැවටිලි CSS blur එකක් නෙමෙයි.
කාට මොනවා පේනවද
ඔබේ සම්පූර්ණ නම, දුරකථන අංකය, හරියටම උපන් වේලාව, email — මේවා කවදාවත් public එකේ හෝ search එකේ පේන්නේ නෑ. ඒවා reveal වෙන්නේ ඔබ approve කරපු conversation එකේ විතරයි.
ඔබේ පාලනය
ඕනෑම වෙලාවක ඔබේ පැතිකඩ hide කරන්න, දත්ත වෙනස් කරන්න, දුරකථනය/පොරොන්දම් සඟවන්න පුළුවන්.
ගිණුම මකා දැමීම
ඔබ ඉල්ලුවම ඔබේ ගිණුම සහ දත්ත අපි මකා දමනවා.
වාර්තා කිරීම සහ block
ඔබට කරදරයක් නම්, ඕනෑම කෙනෙක්ව report හෝ block කරන්න පුළුවන් — දෙදෙනාටම එකිනෙකා නොපෙනී යනවා.
සම්බන්ධ වන්න
පෞද්ගලිකත්වය ගැන ප්‍රශ්නයක් තිබ්බොත් hello@aalaya.lk එකට email කරන්න.
මෙය draft එකකි — නීතිමය සමාලෝචනයට යටත්. ප්‍රශ්න: · hello@aalaya.lk
